Friday, June 3, 2011

කවුද මේවට වගකියන්නෙ?


                    ඔන්න එකමත් එක ගමක හිට්ය අහිංසක ගමරාල කෙනෙක්. ඉතිං මේ ගමරාල හරිම දුප්පත් කෙනෙක් නිසා ජීවත් වෙන්න ගොඩාක් මහන්සි වෙනව. ගේදොර ගැන හොයල බලන්නවත් වෙලාවක් නැතිලු. දවසක් මේ ගමරාල බොහොම දුක් මහන්සියෙන් හම්බකරගත්ත දේපොල කොල්ලකන්න හොරෙක් පැන්නලු ගෙදරට. මේ සිද්ධිය දැකපු, කවදත් සැපතට විපතට ඉන්න අසල් වැසියෙක් කිව්වලු ගමරාලට මෙන්න්න හොරෙක් පැනල ගෙදරට, අපි හොරාව පන්නමු කියල.. ඔන්න ඉතිං දැන් දෙන්නම එකතුවෙලා හොරාව පන්නන්න හදනකොට හොරාගෙ සෙට් එක පැනල මේ දෙන්නට හොඳට නෙලුවලු.. ඔලු පැලුවලු.. අහිංසක ගමරාලව මරල දැම්මලු..
දැන් කියන්න බලන්න මෙතන වැරදිකාරයා කවුද කියල?